🏛️ සුපිළිපන්න සහ දූෂණයෙන් තොර රාජ්ය සේවයක් උදෙසා නව පියවරක්!
අල්ලසින් සහ දූෂණයෙන් තොර, විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුත් රාජ්ය සේවයක් ගොඩනැඟීමේ අරමුණින් ජනාධිපති කාර්යාලයේ උපදෙස් පරිදි සොරණාතොට ප්රාදේශීය ලේකම් කාර්යාලය තුළ ද අභ්යන්තර කටයුතු ඒකකයක් (Internal Affairs Unit - IAU) ස්ථාපිත කර ඇත.
ප්රධාන අරමුණු:
▪️ආයතනික ක්රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම
▪️ දූෂණ අවදානම් හඳුනා ගැනීම සහ වැළැක්වීම
▪️ රාජ්ය සේවාවන් ඵලදායීව මහජනතාව වෙත සමීප කිරීම
▪️ විෂමාචාර සහ දූෂණ විරෝධී පැමිණිලි සඳහා ආරක්ෂිත ක්රමවේදයක් පවත්වා ගැනීම
ජාතික දූෂණ විරෝධී වැඩපිළිවෙළට ශක්තියක් වෙමින්, කාර්යක්ෂම හා විශ්වාසනීය මහජන සේවාවක් ලබා දීමට සොරණාතොට ප්රාදේශීය ලේකම් කාර්යාලය කැපවී සිටිමු.















