2019 වර්ෂයේ සැලසුම් අංශයේ ඉලක්කයන්..........
සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 79ක් වන අතර ග්‍රාම නිලධාරි කොට්ඨාස 25 කින් සමන්විත වේ. කොට්ඨාශයේ මුළු ජනගහනය 23908 ක් වන අතර පවුල් ගණන 7620 කි.
මෙම කොට්ඨාශයේ සංවර්ධනය උදෙසා ගම්පෙරළිය,ග්‍රාම ශක්ති,උපමාන පාදක සංවර්ධන වැඩසටන් ආදි වැඩසටහන් යටතේ ග්‍රාමීය මාර්ග හා සුළු වාරි මාර්ග සංවර්ධනය, ගොඩනැඟිලි ඉදිකිරීම්,විහාරස්ථාන වැඩිදියුණු කිරීම, පුණ්‍ය ග්‍රාම වැඩසටහන, සෙවිලි ආධාර ලබාදීම හා ස්වයං රැකියා ආධාර ලබාදීම යනාදි පුළුල් කාර්යභාරයක් ඉටු කිරීමට සැලසුම් අංශය මඟින් අපේක්ෂා කෙරේ.














